පුරන්න
Tamil (Sri Lanka)English (United Kingdom)

අප ගැන

දැක්ම

ලොව මවිත කරවන පෞඪ උරුමයක් හිමි අප මුතුන් මිත්තන්ගෙන් අපිටම ආවේණික වූ සංස්කෘතියක් උරුම වූ වාසනාවන්ත ජාතියකි. අපගේ දැක්ම අප පළාතේ සියළුම පුරවැසියන් තුළ පළාතට අනන්‍ය වූ සංස්කෘතියක් ප්‍රවර්ධනය කර සුහදශීලීව සමගියෙන් කටයුතු කිරීම.

මෙහෙවර

අපටම අනන්‍ය වූ සංස්කෘතියක් ප්‍රවර්ධනය කර අප රටේ සංවර්ධනය සමඟ ඒකාබද්ධව දියුණු ජාතියක් බිහිකිරීමේලා කර්තව්‍යට අතහිත දීම.

අරමුණු

තුන්වන ලෝකයේ දියුණු වෙමින් පවත්නා රටක් වශයෙන් ශ්‍රී ලංකාව භෞතික සම්පත්වලින් සංවර්ධනය වෙමින් ඉහළ මට්ටමකට පැමිණ ඇත. එහෙත් මානව සංවර්ධනයෙහිලා කටයුතු කිරීමේ දී කලාව, සෞන්දර්ය, තුළින් මිනිසාගේ අති සංවේදී බව උත්පාදනය කර මානව හිතවාදී මිනිසුන් බිහිකිරීමට දායක වීම ඉතාම අගනා පුණ්‍ය සත්කාරයකි.

එසේ නොවුන හොත් අපගේ රට සියළුම සංවර්ධන කටයුතු වියැකි මැලවී යනු නියතය. එම නිසා නර්ථනය, සංගීතය, චිත්‍ර කලාව, නාට්‍ය කලාව වැනි කලාංග මිනිසුන් තුළට ගෙන යමින් ප්‍රචලිත කර අනාගතය වෙනුවෙන් සංරක්ෂණය කිරීම අරමුණයි.

ශ්‍රී ලංකාවේ පිහිටි පළාත් නවයෙන් ඉතාම වටිනා පළාතකි වයඹ පළාත. වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ නාත්තන්ඩිය ආසනයේ මහවැව ප්‍රාදේශීය ලේකම් වසමේ සුන්දර ගමක් වන වලහපිටිය ගම්මානයේ ඉහළ වළහපිටියේ මහවැව සංස්කෘතික මධ්‍යස්ථානය ඉහත කී දැක්ම, මෙහෙවර, අරමුණ සාක්ෂාත් කර ගැනීමට ඇප කැප වී ඇති බව ඉතා සතුටින් නිහතමානීව දන්වා සිටිමි.

ඉතිහාසය

2001/11/27 වන දින එවකට සිටි චන්ද්‍රිකා බණ්ඩාරණායක ජනාධිපති තුමියගේ සංකල්පයක් අනුව එවකට අගමැති රත්නසිරි වික්‍රමනායක මැතිතුමාගේ මග පෙන්වීම යටතේ මෙම මධ්‍යස්ථානය ඉදිකර එවකට ධීවර ඇමති මිල්රෝයි ප්‍රනාන්දු අමාත්‍යතුමාගේ ආරාධනයෙන් ප්‍රවීන කලා කරු තාර්සි වර්ණකුලසූරිය මැතිතුමා අතින් විවෘත වූ වගයි.

 

නැවුම් පුවත්