පුරන්න
Tamil (Sri Lanka)English (United Kingdom)

අප ගැන

දැක්ම

ශ්‍රී ලාංකීය ජාතියත්, එහි ජීවය වූ සංස්කෘතික අනන්‍යතාව සුරැකෙන ලෙසත් හා නවීන ප්‍රවනතාවයන්ට ගැලපෙන ලෙසින්ද, ප්‍රාදේශීයව පවත්නා සියලු උප සංස්කෘතීන් ආරක්ෂා කරමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලු ජනකොටස් සමග , සමගිව සුහදශීලීව, සෞන්දර්ය තෝතැන්නක් ලෙස නැගී සිටීමයි.

මෙහෙවර

ප්‍රාදේශීය සංස්කෘතික උරුමයේ අක්මුල් සුරක්ෂිත කිරීම, ප්‍රවර්ධනය හා ප්‍රචාරණය තුළින් ලබන්නාවූ  ප්‍රාදේශීය සංස්කෘතික අනන්‍යතාව සංවර්ධන ඉලක්ක සපුරාලන උත්ප්‍රේරක බලයක් ලෙසින් මෙහෙයවා , ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය , පෞඩ ශ්‍රී ලාංකික ජාතියකින් හෙබි තෝතැන්නක් ලෙස පවත්වාගෙන යාමට සහාය වීමයි.

අරමුණු

  • රටේ පොදු ජාතික සංවර්ධන   ප්‍රතිපත්තිය  පෝෂණය කරගැනීමට හේතුවන ආකාරයෙන් ප්‍රාදේශීය ජනකොටස් ස්වයංව මෙහෙයවන සංස්කෘතික පරිසරයක් ප්‍රාදේශය තුළ ඇති කිරීම.
  • ප්‍රාදේශීය බහු ජාතිකත්වයට , බහු ආගමිකත්වයට ගරු කරමින් , සියලු උප සංස්කෘතීන් ආරක්ෂා කරන අතරම, ඒ සියල්ලෙන් සුසැදි මහා සංස්කෘතියකින් සමන්විත රටක් ලෙස ඉදිරියට පවත්වා ගෙන යාමට සහාය වීම හා විවිධ බළවේගයන්ගෙන් සංස්කෘතිකාංග විනාශ වීම වළක්වා ගැනීම.
  • ප්‍රාදේශීය සංස්කෘතික උරුමයන් සංරක්ෂණය හා ප්‍රවර්ධනය තුළින් ප්‍රාදේශීය ජනතාවගේ දෛනික ජීවිතයට සංස්කෘතික මුහුණුවරක් ලබාදීම.
  • ප්‍රාදේශීය උප සංස්කෘතීන්ගේ පරිහානියට හේතුවන බාහිර හා අභ්‍යන්තර සාධක හදුනා ගැනීම හා ඒවා නිශේධනය කිරීමේ ස්වශක්තිය ජනතාවට ලබාදීම.
  • දේශාභිමානීය චින්තන රටාව මුල්කරගත් ප්‍රාදේශීය උප සංස්කෘතීන් හා අන්තර්ගත ඇදහිළි චාරිත්‍ර වාරිත්‍ර, ප්‍රතිමාන, අභිචාරවිධි ආරක්ෂා කරගැනීමට අභිප්‍රේරණය සපයමින් සංවේදී සදාචාර සම්පන්න පරපුරක් ලෙස ඉදිරියට යාමට මග සැළසීම.

සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉතිහාසය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ බුද්ධශාසන හා සංස්කෘතික, ආගමික කටයුතු පිළිබද අමාත්‍ය ගරු ලක්ෂ්මන් ජයකොඩි මැතිතුමන්ගේ උපදේශකත්වයෙන් ප්‍රවීන කලා ශිල්පී කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරා මැතිතුමන් විසින් 1999 ක් වූ මැයි මස 08 වන දින කොටපොල සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කරන ලදි.

 

නැවුම් පුවත්