පුරන්න
Tamil (Sri Lanka)English (United Kingdom)

අප ගැන

දැක්ම

ප‍්‍රදේශයේ ජිවත්වන සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ විසිර පවත්නා සමාජ හර පද්ධතීන්, සංස්කෘතිකමය දායදයන් හඳුනාගනිමින් ප‍්‍රවර්ධනය කිරීම තුලින් ජාතික සමගිය පෙර දැරිකරගත් සාරධර්ම පිරි සමාජයක් බිහිකිරීම.

මෙහෙවර

අතීතයේ පටන් පැවත එන සිරිත් විරිත් ආරක්ෂා කිරීම හා මතු පරපුරට දායාද කිරීම උදෙසා ප‍්‍රවර්ධනය කිරීම ඒ ඒ ජාතීන්ට අනන්‍ය වූ ආගමික වත්පිළිවෙත්, සිරිත් විරිත් සියලූ ජනකොටස් සහභාගිත්වයෙන් ඉටු කිරීම උදෙසා මෙහෙයවීම තුළින් ආර්ථික, සාමාජයීය, සංස්කෘතික වශයෙන් සංවර්ධිත ජන සමාජයක් බිහි කිරීමට දායකවීම.

අරමුණු

  • සාරධර්ම වලින් ඈත් වන වත්මන් පරපුර කෙන්ද්‍ර කර ගනිමින් ඔවුන්ගේ යහගුණ වර්ධන කිරීම.
  • යහපත් රසවින්දනාත්මක පරපුරක් බිහිකිරීම.
  • අයහපත් පුරුදු තුළින් පවුල් ඒකක තුළ බිඳ වැටෙන ආර්ථිකය සමගි බව ගුණ ධර්ම යලි ගොඩ නැගීම තුළින් යහපත් පවුල් සංස්ථාවක් ගොඩ නැගීම උදෙසා දායක වීම.
  • උරුමයන් සුරැකීම පරම යුතුකමක් සේ සලකන ජනතාවක් බිහිකිරීම වෙනුවෙන් පෙනී සිටීම.
  • ප‍්‍රදේශයෙන් ජීවත්වන ජනතාවගේ සැඟව පවත්නා කුසලතාවයන් හඳුනාගනිමින් ඔවුන්ගේ විභව ශක්තීන් අවධි කිරීම තුළ ඔවුන් ජාතික තලයට ගෙනඒම.
  • සමගිව එකාමෙන් නැගීසිටින ගුණධර්ම පිරි සෞඛ්‍යය සම්පන්න ජනතාවක් ඇති කිරීම උදෙසා දායකවීම.

ඉතිහාසය

වර්ෂ 2003 ක් වූ ජූලි මස 27 වන දින මෙම මධ්‍යස්ථානය ප‍්‍රවීණ ලේඛක සෝමවීර සේනානායක ශූරීන්ගේ සුරතින් විවෘත කරන ලදී.

 

නැවුම් පුවත්