දැක්ම
"අනාගතය පිළිබදව අපේ දැක්ම හැඩගස්වනනේ සංස්කෘතියයි. සංස්කෘතිකමය මූලයන්ගෙන් තොර සමාජය¸ වියවුලෙන් වියවුලට පත්වෙයි. සංවර්ධනයට සංස්කෘතිකමය මුහුණුවරක් නොදුනහොත් එහි ආත්මය වියැකී යයි"
මෙහෙවර
ප්‍රාදේශීය සංස්කෘතික මධ්‍යස්ථාන තුලින් සම්භාව්‍ය සංස්කෘතික අංගයන් සංරක්ෂණය කිරීම¸ එම අංගයන්ගෙන් පරිපෝෂිත සංස්කෘතික පොදු මහජනතාව අතර පැතිරවීම තුලින් සංවේදී හා සදාචාර සම්පන්න පුද්ගලයින් සමාජයට දායාද කිරීම අපේ මෙහෙවරයි
අරමුණු
- ඉපැරණි සම්භාව්‍ය සංස්කෘතික අංගයන් සාමාන්‍ය මහජනතාව අතර ප්‍රවර්ධනය කිරීම.
- ජාතික සංවර්ධන ප්‍රතිපත්ති සාර්ථක කර ගැනීමට ස්වයංව මෙහෙය වෙන සාධනීය සංස්කෘතික පරිසරයක් ගොඩනැගීම.
- සම්භාව්‍ය සංස්කෘතිකාංගයන් සංරක්ෂණය කිරීම.
- පොදු මහජනතාව අතර සංවේදී හා සදාචාර සම්පන්න පුද්ගලයින් සමාජයට දායාද කිරීම.
- ප්‍රාදේශීය සංස්කෘතික හැඩගැස්ම සකස් කරන ගාමක බලවේගය ලෙස ක්‍රියා කිරීම.
ඉතිහාසය
ඉදිකරන ලද¸ පයාගල මදිනකන්ද රජයේ පාසැල් ගොඩනැගිල්ල පසුකාලීනව බේරුවල සංස්කෘතික මධ්‍යස්ථානය සදහා යොදාගෙන ඇත.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ සංකල්පයක් අනුව¸ එවකට අග්‍රාමාත්‍ය හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ හා මානව සම්පත් සංවර්ධන අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය ගරු කරුණාසේන කොඩිතුවක්කු මැතිතුමා¸ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනසන්නිවේදන අමාත්‍ය¸ ගරු ඉමිතියාස් බාකීර් මාකර් මැතිතුමාගේ සම්බන්ධීකරනයෙන්¸ 2003 මාර්තු 23 වන දින¸ ප්රවිණ කලා ශිල්පී සේන අම්බලන්ගොඩ මැතිතුමා විසින් සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කර ජනතා අයිතියට පවරා දෙන ලදී.