දැක්ම
සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙවර ඉදිරියට ගෙන යමින් අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ සංස්කෘතික අනන්‍යතාවන් හා ජාතික උරුමයන් සුරක්ෂිත කරමින් ජනයාගේ සෞන්දර්ය හැකියාවන් සංස්කෘතික අවශ්‍යතාවන් නවීන ප්රවණතාවන්ට ගැළපෙන ලෙස ප්‍රවර්ධනය කර ව්‍යාප්ත කිරීම.
මෙහෙවර
අත්නගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාවගේ ආර්ථික සංවර්ධනයට සමගාමීව සංස්කෘතික ඵල නෙලා ගැනීමට දායක වීම.
අරමුණු
- ළමා, බාල, යොවුන් වැඩිහිටි සියළුම ප්‍රජාව ආර්ථික සංවර්ධනයට සමගාමීව සංස්කෘතික පරිසරයකට හුරු කරවීම.
- විවිධ ආගම්/ජාතින් එක්ව ඔවුනොවුන්ගේ සංස්කෘතින් හා බද්ධ කටයතු කිරීමට අවස්ථාව සැලැසීම.
- අපගේ සංස්කෘතික හා ජාතික උරුමයන් සංරක්ෂණය කරමින් ප්‍රවර්ධනය කරමින් ව්‍යාප්ත කිරීම.
- සෞන්දර්ය අගයන සාරධර්ම පිරි සමාජයක් වශයෙන් ඉදිරියට ඒම.
ඉතිහාසය
2012.06.16 දින පෙ.ව 9.00 ට අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සංස්කෘතික ගරු අමාත්‍යතුමාගේ උපදේශක සිරිනිමල් ලක්දුසිංහ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රාජනී අතපත්තුමියගේ ප්‍රධානත්වයෙන් මෙම සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත විය.