පුරන්න
Sinhala (Sri Lanka)English (United Kingdom)

අප ගැන

දැක්ම

අනාගතය පිළිබඳ දැක්ම හැඩ ගස්වන්නේ අපගේ සංස්කෘතියයි. සංස්කෘතික මූලයන්ගෙන් තොර සමාජය වියවුලෙන් වියවුලට පත් වී එහි ආත්මය වියකී යයි. එබැවින් සංවර්ධනය කරා ගමන් කළ යුත්තේ සංස්කෘතියේ ස්පර්ෂක හරයන් මෙන්ම අශ්පර්ශක හරයන්ද මනාව රැක ගනිමිනි.

මෙහෙවර

කන්ද උඩරට වෙස් නර්තනයේ අනන්‍යතාවයද දකුණු සිරිලක රුහුණට ආවේණික පහතරට නර්තන සම්ප්‍රදාය ද සමන් දෙවි අඩවියේ ප්‍රචලිත සබරගමු ශෛලිය ද සියලුම කලා අංගයන්ගේ එකතුවෙන් ගොඩ නැගෙන නාට්‍ය හා රංග කලාවද , ප්‍රධාන රාජ්‍ය භාෂාවක් ලෙස පිදුම් ලබා ඇති දමිළ භාෂාවද ඉගැන්වීම් ක්‍රියාවලියක් තුළින් මතු පරපුරට දායාද කරමින් "සාර ධර්ම" පිරි සමාජයක් ගොඩ නැගීම උදෙසා දායක වීම.

අරමුණු

ශ්‍රී ලාංකීය අනන්‍යතාවය විදහා දක්වන අපේ ජාතික උරුමයන් වූ ජන සංගීතය ද, පාරම්පරික නැටුම් කලාවද, සාමූහික කලාවක් වූ නාට්‍ය කලාවද ජනතාව අතර ප්‍රචලිත කරමින් එම කලාවන් දේශීයව ද විදේශීයව ද ප්‍රදර්ශණය කරමින් ශ්‍රී ලාංකීය අනන්‍යතාවයේ විශිෂ්ඨතම සලකුණක් වන සාම්ප්‍රදායික කලාවන් වියැකී යා නෙදී අනාගත පරපුර උදෙසා පෝෂණය කර රැකදීම.

ඉතිහාසය

හරවත් සංවර්ධනයක් සඳහා ඒහා සමගාමීව සංස්කෘතියද බද්ධ කර ගැනීමේ අවශ්‍යතාවය හඳුනාගෙන සංස්කෘතික සංරක්ෂණය, ප්‍රවර්ධනය හා ව්‍යාප්තිය සඳහා දිවයින පුරා සංස්කෘතික මධ්‍යස්ථාන පිහීටුවීමේ වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය සහ ප්‍රතිපත්ති සංවර්ධනය හා ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ හා මානව සම්පත් සංවර්ධන අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය ගරු කරුණාසේන කොඩිතුවක්කු මැතිතුමාගේ උපදේශකත්වයෙන් හා විදුලි බල හා බල ශක්ති අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේශබන්දු කරූ ජයසූරිය මැතිතුමාගේ සම්බන්ධීකරණයෙන් ඉදිකරන ලද ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇඹරළුව සංස්කෘතික මධ්‍යස්ථානය වර්ෂ 2013ක් වූ ජූනි මස 30 වෙනි දින ප්‍රවීන කලා ශිල්පී සුමිත්ද සිරිසේන මැතිතුමා විසින් විවෘත කරන ලද වගයි.

 

නැවුම් පුවත්