පුරන්න
Tamil (Sri Lanka)English (United Kingdom)

අප ගැන

දැක්ම

විවිධ විදේශීය බලවේගයන්ට නතුව සිංහල  ජාතියේ අනන්‍යතාවය කියාපාන සංස්කෘතිය විනාශවෙමින්  පවතී. අපගේ ප්‍රෞඩ සංස්කෘතිය මතු පරපුරට ආරක්ෂා කර දී අපටම උරුමවූ විවිධ   කලාවන් හා ආචාර ධර්ම සිරිත් විරිත් චාරිත‍්‍ර වාරිත‍්‍ර වලින් හැඩැන්වූ  සංස්කෘතිය බිම් මට්ටමින් පෝෂනය කර එලිදැක්වීම අපගේ දැක්මයි.

මෙහෙවර

දකුණුලකට ආවේනික වූ විවිධ කලාවන්හි  වර්ධනය සහ  විවිධ ජාතීන්ගෙන් යුතු  සමාජය තුල අන්‍යෝන්ය සුහදත්වය වර්ධනයකර  උස් පහත් උගත් නූගත් බේදයෙන් තොරව සියළුම ජාතීන්ට කලාව  පිළිබඳ හැඟීමක් සහ  ඕනෑකමක්  මතුකොට සැඟවුනු හැකියාවන් එළි දක්වා සමාජ ගතකිරීම.

අරමුණු

  • අපටම  ආවේනික වු උඩරට, පහතරට, සබරගමු ජන නැටුම්,ජන සංගීතය,චිත‍්‍ර හා කැටයම්, මූර්ති,නාට්‍ය හා රංග  කලාව ආදී විවිධ  විෂයන් පිලිබඳව ප‍්‍රාදේශීය මට්ටමින් දැනුවත් කිරීම.
  • ප‍්‍රාදේශීය ජනතාව තුල ඇති කලාත්මක  හැකියාවන් හා එම ප‍්‍රදේශයට ආවේනික කලාවන් විනාශ  නොවී ඉදිරියට  ගෙන යාම.(රූකඩ  කලාව, කැටයම් කලාව)
  • පෞරානික වටිනාකමින් යුතු ස්ථාන හඳුනාගෙන ඒවා සංරක්ෂණය කිරීමට කටයුතු සැලැස්වීම.
  • සියළු ජාතීන්ගේ සුහදත්වය වැඩිදියුනු වන අයුරින් විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම.
  • සමාජය තුල අතරමං වූ විවිධ සමාජ විරෝධී  ක‍්‍රියාවන්  වල යුක්ත පිරිස්  අරභයා කායික හා මානසික  සංවර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම.

ඉතිහාසය

විවෘත කල දිනය - 2003 අපේ‍්‍රල් 27

 

නැවුම් පුවත්

  • 1
  • 2

සීල සමාදාන වැඩසටහන අරමුණ :- බෞද්ධයාට ඉතාමත් වැදගත...

සෙනෙහස රසවින්දනාත්මක වැඩසටහන ජාත්‍යන්තර කාන්තා දි...

‘ප්‍රතිභා’ සම්මාන උළෙල අරමුණ : බලිපිටිය ප්‍රදේශ‍...