දැක්ම
සාරධර්ම පිරි සමාජයක් බිහි කිරිම ප්‍රාදේශිය දරු දැරියන්ගේ කලා කුසලතා ඔප් නැංවීම ඔවුන් ජාතික තලයෙන් ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම.
මෙහෙවර
ප්‍රාදේශියව ඇති ජාතික උරුමයන් සංරක්ෂණය කිරිම , සාහිත්‍ය හා කලාව මඟින් පුද්ගලයා තුල ශික්ෂණයක් ඇති කිරිම, ජිවන ගැටළු හමුවේ උපේක්ෂාව පෙරදැරි කරගත් විසල් අධ්‍යාත්මයක් රසවින්දනය තුලින් ලබා දිම.
අරමුණු
- ප්‍රාදේශිය වශයෙන් පවතින සංස්කෘතික ලක්ෂණ හඳුනා ගැනීම.
- ප්‍රදේශයේ පවතින විවිධ සම්පත් හා කුසලතා හඳුනා ගෙන ඒවා ඔප මට්ටම් කිරිම.
- ලාංකික සංස්කෘතිකාංග රැක ගැනීමෙහිලා ප්‍රාදේශිය වශයෙන් දරු දැරියන් හුරු කිරිම.
- කුසලතා පූර්ණ දරු දැරියන් රැසක් රටට බිහි කිරිම.
ඉතිහාසය
නියාගම සංස්කෘතික මධ්‍යස්ථානය 2004.08.27 දින සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මැතිතුමා විසින් විවෘත කරන ලදි.