Login
Sinhala (Sri Lanka)Tamil (Sri Lanka)

bpNews

ප්‍රතිභා සම්මාණ උළෙල

ප්‍රතිභාසම්මාන උළෙල

අරමුණ :

බලිපිටිය ප්‍රදේශ‍යේ වාසය කරන විවිධ කලා කරුවන් දිරිමත් කිරීම හා අගය කිරීම සදහා ඔවුන් විසින් කරනු ලැබූ මෙහෙයට ගරු කිරීමක් සදහා මෙම සම්මාන උලෙල පැවැත්වීමට සංස්කෘතික බල මණ්ඩලය හා එක්ව මෙම සම්මාන උත්සවය පවත්වන ලදි.

වැඩසටහන් විස්තරය:-

අරාධිත අමුත්තන් පිළිගැනීම, සම්මාන ප්‍රධානයට අදාල කලාකරුවන් වෙනත් කලාකරුවන්, ගම්වාසින් පිළිගැනීම. ආරාධිත දෞශනයක් පැවැත්වීම. ප්‍රාදේශීය ලේකම් තුමාගේ පිළිගැනීමේ කථාව. සම්මාණ ලබාගත් කලාකරුවන්ගේ අදහස් ප්‍රකාශ කිරීම මෙහිදී ප්‍රධාන තැනක් ගන්නා ලදි.

සහභාගි වූ පිරිස:-

ආරාධිත අමුත්තන්, ප්‍රදේශවාසි කලාකරුවන්, ගම්වාසින්, ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් ඇතුළු 150 ක පමණ පිරිස.

 

සෙනෙහස රසවින්දනාත්මක වැඩසටහන

සෙනෙහස රසවින්දනාත්මක වැඩසටහන

ජාත්‍යන්තර කාන්තා දිනය සිහිපත් කර සෑම වර්ෂයකම ජාතික වැඩසටහනක් ලෙස පවත්වනු ලබන ‘සෙනෙහස’ ගර්භණී මාතාවන් සදහා වන වැඩසටහන බලපිටිය සංස්කෘතික මධ්‍යස්ථානය මගීන්  2015.07.09 වන සිකුරාදා දින පවත්වන ලදි. සෞන්දර්යාත්මක රස වින්දනයෙන්  හෙබි මනා පෞරෂයකින් හැඩ ගැසුණු දරුවකු මෙලොවට දායාද කිරීමේ පරම හැගුමින් යුතුව මව්පිය දූදරු  සබදතාවයෙන් පිරි  යහපත් පවුලක් ගොඩ නැගීමේ අභිලාෂයෙන් යුතුව පවත්වනු ලැබූ මෙම වැඩසටහන ඉතාමත් සාර්ථකව පවත්වන ලදි.

සහභාගිත්වය:-  මව්වරුන් 50 යි.  පියවරුන් 30යි.  ආරාධිත අමුත්තන්,  ගම්වාසින්.

 

සීල සමාදාන වැඩසටහන - 2015.05.03

සීල සමාදාන වැඩසටහන

අරමුණ :- බෞද්ධයාට ඉතාමත් වැදගත් පොහොයක් වූ වෙසක් දින තෙමගුල සිහිපත් කරමින්  සීල සමාදාන පිංකම ඉතාමත් සාර්ථක අයුරින් පවත්වන ලදි. ළමුන්ගේ සිත්තුල බුද්ධ භක්තිය ඇතිවන අයුරින් මෙය සිදු කිරීමට සලද්වන ලදි.

වැඩසටහන් විස්තරය ;- උදෑසන 7.00 ට පමණ ස්වාමිණ්වහන්සේලා වැඩමවා ගෙන විත් අටසිල් සමාදන් කරවීම. උදේ දානය පිරි නැමීම.ධර්ම දේශනය පැවැත් වීම, භාවනා වැඩසටහන පැවැත්වීම,  ජාතක කතා දේශණය, දවල් දානය පිරිනැමීම, සවස බණ, ධර්ම සාකච්චා,  ආදි පවත්වා පන්සිල් සමාදන් කර සිල් පවාරණය කිරීම.

 



Latest News

  • 1
  • 2

සීල සමාදාන වැඩසටහන අරමුණ :- බෞද්ධයාට ඉතාමත් වැදගත...

සෙනෙහස රසවින්දනාත්මක වැඩසටහන ජාත්‍යන්තර කාන්තා දි...

‘ප්‍රතිභා’ සම්මාන උළෙල අරමුණ : බලිපිටිය ප්‍රදේශ‍...