පුරන්න
Tamil (Sri Lanka)English (United Kingdom)

"සිතුවිලි සයුරෙන් දිය‍ දෝතක් "සාහිත්‍ය වැඩසටහන

ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාල‍යේ අධ්‍යාපනය හදාරන විද්‍යාර්ථින්ගේ සහ අධ්‍යයන/ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සාහිත්‍ය රසවින්දනය උදෙසා ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යායිය සංස්කෘතික මධ්‍යස්ථානය මඟින් "සිතුවිලි සයුරෙන් දිය‍ දෝතක් "නමින් සාහිත්‍ය රසවින්දන වැඩසටහනක් සැප්තැම්බර් මස සිට සතිපතා පැවැත්විමට කටයුතු සැලසුම් කර ඇත.

සැම සතියකම සදුදා දින සාහිත්‍ය පැනයක් හෝ ඉදිරිපත් කළ යුතු සාහිත්‍ය නිර්මාණය පිළිබඳව දැනුවත් කරන අතර ඒ සඳහා අදාල පිලිතුරු හෝ නිර්මාණය ලබාදිමට එම සතියේ සිකුරාදා දින දක්වා අවස්ථාව ලබාදේ. සිකුරාදා දින අදාල පිළිතුරු විමසුමට ලක්කරමින් නිවැරදි පිළිතුර හෝ හොඳම සාහිත්‍ය නිර්මාණය ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතාගේ නිරික්ෂණය යටතේ තෝරා ගනිමින් ජයග්‍රාහකයා සඳහා පොත් සමාගමක් වෙතින් රු. 1000.00 ක ත්‍යාග වවුචරයක් සහ  පිඨ හතරෙම සිසුන් අට දෙනෙකු සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලබා ගත් පොත් කට්ටලයක්ද මෙහිදි ලබා දිමට කටයුතු කෙරේ.

මෙහිදි  සතියේ "සාහිතය පැනය" දැනුවත් කිරිම සදහා නිර්මාණාත්මකව සකස් කරන ලද  "සිතුවිලි සයුරෙන් දිය‍ දෝතක්" නමින් වු  දැන්විම් පුවරු හා පිලිතුරු යොමු කිරිමට "සාහිත්‍ය කවුළු" විද්‍යාර්ථින් බහුලව ගැවසෙන ස්ථානයන්හි ප්‍රදර්ශනය කර ඇති අතර ඒ මඟින් සතියේ පැනය පිලිබඳව දැනුවත් විමටත් අදාල පිලිතුරු යොමු කිරිමටත් ඔවුනට හැකියාව ඇත.

එක් එක් සතියකදි විවිධ තේමා යටතේ මෙම වැඩසටහන සැම සතියකදිම පවත්වන අතර එහිදි විශේෂයෙන් පහත තේමා ඔස්සේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

1. පළමු සතිය                - "ගීතයට පෙර වදනක් " - ගීත ඉඟි පමණක් ලබා ‍දෙන අතර ගීතය හදුනා ගැනිමට ඉඩ සලස්වයි .

2. දෙවන සතිය              - "සිතුවිලි  ගංතෙර" -  ඡායාරුපයක් ලබාදි  නැවුම් කවි සංකල්පනා,  ගීත රචනා ලබා ගැනිම.

3. තෙවන සතිය             - "පොතක  පිටුවක්"    - උසස් නව කතා පිළිබදව ඉගියක්  පමණක් ලබා දෙමින් නව කතාව

හදුනා ගන්නට ඉඩ සලස්වයි.

4. සිව්වන සතිය             - "හදුනාගත්තොත් ඔබ මා"- සම්මානයට පාත්‍ර වුනු සහ ප්‍රසිද්ධ විවිධ කලාකරුවන්, ලේඛකයින්

විද්වතුන් හදුනා ගැනිමට ඉඩසැලැස් විමයි.

 

නැවුම් පුවත්


සංස්කෘතික මධ්‍යස්ථානය හා විශ්වවිද්‍යාලයීය කලා මණ්ඩ...