දැක්ම
මානව සත්තාවගේ හදවත් තුළ යහගුණදම් කැටි වූ, යථාර්ථවාදී සොම්නස උරුමකරගත් , අපේකමට ජීවය දෙන සජීවී සමාජයක් ජනිත කරන දිවයිනේ විශිෂ්ටතම සංස්කෘතික මධ්‍යස්ථානය වීම.
මෙහෙවර
අවිනය හා අතෘප්තිය මගහැර යහගුණදම් තුරුළු කර රැකගනිමින් යථාර්ථවත් තෙත් වූ හදවතක් ඇති මානවයෙකු බිහිකර ඒ තුළින් නවක පරපුරට සියල්ල දායාද කරන්නා වූ හරවත් පරපුරක් බිහි කිරීමයි.
අරමුණු
- පාදුක්ක කොට්ඨාශය තුළ හා ඉන් පිටත ඇති සිරිත් විරිත් හා සාරදර්ම හඳුනා ගැනීම සංරක්ෂණය හා නවීකරණතාවයට අනුව හැඩගැන්වීම.
- සිරිත් විරිත් සුරකින අපේකම ආරක්ෂා කරන අපේ උරුමයන් මතු පරපුරට දායාද කරන සමාජ පරිසරයක් ගොඩනැගීම
- අවිවේකි කාර්යබහුල සමාජයට මානසික තෘප්තිය ලබා දීමට වැඩසටහන් සම්පාදනය කිරීම හා ක්‍රියාත්මක කිරීම.
- ප්‍රදේශයට අවශ්‍ය සංස්කෘතික සේවා හා පහසුකම් උචිතව හඳුනාගනිමින් ඒවා විනාශ මුඛයට නොයවා ඒවා සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම.
- බහු ජාතික හා බහු ආගමික සංස්කෘතිකාංග හඳුනාගනිමින් අන්තර සංස්කෘතික සහයෝගිතා පසුබිමක් ඇති කිරීම හා වර්ධනය.
- සංස්කෘතිකාංග සංවර්ධනය කරන්නා වූ කුසලතා වැඩසටහන් පාරම්පරික සංස්කෘතික කලා විශේෂාංග හඳුනාගැනීම හා නව පරපුරකට දායාද කිරීම.
ඉතිහාසය
2002/07/27 මානව සම්පත් සංවර්ධන අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය ගරු ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මැතිතුමා විසින් මෙම මධ්‍යස්ථානය විවෘත විය.