පුරන්න
Tamil (Sri Lanka)English (United Kingdom)

අප ගැන

දැක්ම

අභිත උදාරතර වු හෙළ සංස්කෘතියේ හර පද්ධතීන් ගෙන් පෝෂණය වු ශ්‍රි ලාංකීය ජන සමාජය සතු වටිනාකම් හදුනාගනිමින්ද, නව ප්‍රවණතාවයන් විචාරශීලීව උකහා ගනිමින් ද ඒවා ඉදිරි පරපුර සඳහා සුරක්‍ෂිතව දායාද කරමින්ද, සංවේදී වුත් ශක්තිමත් වුත් බලවේගයක් ලෙස එක්සත්ව පිබිදීමයි.

මෙහෙවර

ශ්‍රි ලාංකීය දැවැන්ත ජන සමාජයේ සියළු උප සංස්කෘතීන් බද්ධ කර ගනිමින් යහගුණදම් වලින් පරිපෝෂිත වු සමාජයක් බිහි කිරීමටත් එනයින් සමස්ථ සමාජයම අධ්‍යාත්මිකව සංවර්ධනය කරමින් ජාතික සංවර්ධන ක්‍රියාවලියට පණ පෙවීම සඳහා දායක වීම.

අරමුණ

  • මානව ගුණ වගාවන් හදූන්වාදෙමින් සාරධර්ම පිරි සමාජයක් ගොඩනැගීම උදෙසා ක්‍රියාත්මක වීම.
  • සෞන්දර්යාත්මක වින්දනයක් හා විචාරාත්මක චින්තනයක් කරා සමාජය අභිප්‍රේරණය කිරීම.
  • සිංහල සංස්කෘතියේ යහපත් පුරුෂාර්ථ ඉස්මතු කරමින් ඒවායේ වටිනාකම් ජන ජීවිතයට ආදේශ කර ගැනීමටත් එයින් සමාජ සංවර්ධනයට මං විවර කිරීම.
  • කාලීන සංස්කෘතික වෙනස්වීම මගින් දේශීය සංස්කෘතියට සිදූවන පරිහානිය වලක්වා ගැනීම හා මතු පරපුර දේශීය සංස්කෘතික වටිනාකම් කෙරෙහි නැඹුරු වීම.
  • කලාව, සාහිත්‍ය, ආදි රසවින්දනාත්මක අංශ කෙරේ සමාජය නැඹුරු කිරීම සඳහා ප්‍රාදේශිකව ක්‍රියාත්මක වීම.

ඉතිහාසය

ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ මග පෙන්වීම මත ශ්‍රි ලංකා අග්‍රාමාත්‍ය ගරු රත්නසිරි වික්‍රමනායක මැතිතුමා හා සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා හා හපුතලේ නගරාධිපති ගරු එමි. එචි. සුමිත් සමයදාස මැතිතුමාගේ උපදේශකත්වයෙන් ඉදිකරන ලද හල්දුම්මුල්ල  සංස්කෘතික මධ්‍යස්ථානය 2006 වසරේ අගෝස්තු මස 05 වන දින ප්‍රවීන කලාශිල්පී ඩබිලිවි. ඩි. අමාරිස් මැතිතුමා විසින් විවෘත කරන ලදි.

 

නැවුම් පුවත්