පුරන්න
Tamil (Sri Lanka)English (United Kingdom)

අප ගැන

දැක්ම

අනාගතය පිළිබඳ අපේ දැක්ම හැඩ ගස්වන්නේ සංස්කෘතියයි. සංස්කෘතිමය මූලයන්ගෙන් තොර සමාජය වියවුලෙන් වියවුලට පත්වේ. සංවර්ධනයට සංස්කෘතිමය මුහුණුවරක් නොදුන්නහොත් එහි ආතිමය වියැකී යයි.

මෙහෙවර

සම්භාව්‍ය සංස්කෘතික අංගයන් සංරක්ෂණය කිරීම එම අංගයන්ගෙන් පරපෝෂිත සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම හා සංස්කෘතික අංගයන් පොදු ජනතාව අතර පැතිරවීම තුළින් සංවේදී හා සදාචාර සම්පන්න පුද්ගලයන් සමාජයට දායාද කිරීම.

අරමුණු

  • හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සංස්කෘතික සංරක්ෂණය, ප්‍රවර්ධනය හා ව්‍යාප්තිය උදෙසා කටයුතු කිරීම.
  • දැයේ දූ දරුවන්ගේ කලා කෞෂල්‍යයන් ඔප් නංවමින් වඩා සංවේදී ගුණ ගරුක පිරිසක් බවට පත් කිරීම.
  • ආගමික ජාතික හා සමාජීය වශයෙන් සංස්කෘතික සේවාවන් සැපයීම.
  • පුස්තකාල සේවා ලබාදීම.

ඉතිහාසය

වර්ෂ 2533 ක්වූ වෙසක් මස 06 වැනි දින පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අධ්‍යාපන සංස්කෘතික හා ප්‍රවෘත්ති අමාත්‍යවර සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වි.ජ.මු. ලොකු බණ්ඩාර මැතිතුමා විසින් මෙම සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කරන ලදී. පසුව සංස්කෘතික හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු මහාචාර්ය ඒ.වී. සුරවීර මැතිතුමාගේ උපදේශකත්වයෙන් වනිතා කටයුතු ඇමතිනී සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හේවා රත්නායක මැතිනියගේ සහභාගීත්වයෙන් ප්‍රතිව්‍යුහගත කරන ලද දියතලාව සංස්කෘතික මධ්‍යස්ථානය වර්ෂ 1999.01.10 වන දින ප්‍රවීණ කලා ශිල්පිනී සිබිල් වෙත්තසිංහ මැතිනිය විසින් විවෘත කරන ලදී.

 

නැවුම් පුවත්